උතුරා ගලනා දිය සීරා

 සෙවනැලි මවනා රූ රටා  

මතකේ පොපියන ඒ කතා 

ගෙනෙනා සිහිලැල් චේතනා 

මහදේ මහදේ පාවෙනා......


උතුරා ගලනා දිය සීරා

සෙනෙහස කකියන ඒ මායා

සදනා පිවිතුරු රස වරුණා

මහදේ මහදේ යාවෙනා......


සුවඳ යි සරනා මල් කලා

ආදර ගීයක පෙම් සිනා

කරනා මිහිරිය තුටු වෙමිනා 

මහදේ මහදේ රැව්දෙනා ........







Kavi Sithivili

Comments